Monday, April 21, 2025
Home » මී පැණි අනුභව කළ ගොවියෙකු හදිසියේ මිය යයි

මී පැණි අනුභව කළ ගොවියෙකු හදිසියේ මිය යයි

by yasara
September 5, 2023 8:56 am 0 comment

bee Srilanka

තිරප්පනේ ලබුනෝරුව කදුපාගම ප්‍රදේශයේ හේනක  තුඹසක් තුළ තිබී හමුවූ මී වදයකින් හමුවූ මී පැණි අනුභවයට ගැනීමෙන් පසු ආසාත්මිකතාවයක් ඇතිවී බිම ඇද වැටීමෙන්  පනස් එක් හැවිරිදි ගොවි මහතෙකු  ඊයේ (04) සවස මියගොස් ඇත.

තිරප්පනේ ලබුනෝරුව කදුපාගම ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන ඩී.ශාන්ත හිට්ලර් කොඩිතුවක්කු නමැති ගොවි මහතෙකු මෙසේ මියගොස් ඇත.

ඔහු එළඹෙන මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සදහා කුලී පදනම මත ලබා ගත්  ඩෝසර් යන්ත්‍රයක්  මගින් තිරප්පනේ ලබුනෝරුව කදුපාගම ප්‍රදේශයේ පිහිටි සිය  හේන සුද්ද පවිත්‍ර කරමින් සිටියදී තුඹසක තිබී හමුවී ඇති මී වදයක මී පැණි අනුභවයට ගත් අවස්ථාවේ එකවරම ක්ලාන්ත වී  එම ස්ථානයේම බිම ඇද වැටී ඇත.

අනතුරුව වහා ක්‍රියාත්මකවී ඇති ඩෝසර් යන්ත්‍රයේ ක්‍රියාකරු හා ඔහුගේ සහයකයා එක්ව ක්ලාන්ත වී බිම ඇද වැටුණු ගොවි මහතා ප්‍රතිකාර සදහා වාහනයකින් මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට රැගෙන යමින් සිටි අතරතුර මියගොස් තිබිණි.

පසුව මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරී විසින් රෝගියා පරීක්ෂා කර ඔහු මියගොස් ඇති බව පවසා තිබේ.

අනතුරුව මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දඹුල්ල මූලික රෝහල වෙත යැවීමට කටයුතු කර තිබිණි.

ඒ අනුව මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද  (05) පැවැත්වීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT