Monday, April 21, 2025
Home » නියඟයෙන් ගොවීන් 62,375ක් පීඩාවට

නියඟයෙන් ගොවීන් 62,375ක් පීඩාවට

by chanaka
September 5, 2023 11:33 am 0 comment

ඊයේ(04) වනවිට වාර්තා වී ඇති වගා හානි පිළිබඳ වාර්තාවට අනුව නියඟය නිසා හානියට පත් මුලු කුඹුරු ප්‍රමාණය අක්කර 60,930ක් වන අතර ඉන් බලපෑමට ලක්ව සිටින ගොවීන් ප්‍රමාණය 62,375 දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්මා අමාත්‍යංශය සදහන් කරයි.

තවදුරටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය අක්කර 26,654. 40කි. එමෙන්ම බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 32,144කි.

දෙවන ස්ථානයට වැඩිම කුඹුරු ප්‍රමාණයක් වාර්තා වන්නේ උඩවලව කලාපයෙනි. එය අක්කර 14,810. 13ක් වන අතර බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 11,651කි.

මෙවර යල කන්නයේ වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන් ලක්ෂ තුන්දහසක් වේ. දැනට වගා හානි වාර්තා වන ආකාරය අනුව නියඟය නිසා අඩු තරමින් අක්කර 70,000ක් පමණ හානියට ලක්ව ඇතැයි අනුමාන කෙරේ.

මෙම වගාහානිවල ස්වභාවය අනුව වැඩිම වගාහානි වාර්තා වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ හා අනෙකුත් ප්‍රදේශව කුඩා වැව් යටතේ වගා කරන ලද කුඹුරු වේ. මේ හැර උඩවලවේ ජලාශය යටතේ වගා කරන ලද කුඹුරු යනු වැඩිම අස්වැන්නක් රටට ලා දෙන කුඹුරුය.

නමුත් මහවැලි හා අනෙකුත් ප්‍රධාන ජලාශ යටතේ වගා කරන ලද කුඹුරුවලින් ඉහළම අස්වැන්නක් ලැබී ඇති බව වාර්තා වේ.

කෙසේවුවද මෙම වගාහානි මගින් රටේ සහල් අවශ්‍යතාවයට බලපෑමක් එල්ල නොකරන අතර ලබන මහ කන්නයේ වී අස්වනු නෙලා ගන්නා තෙක් අවශ්‍ය සහල් හා වී තොග රට තුළ පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT