ජාතික යෞවන ක්රීඩා උලෙළේ මැරතන් පිරිමි ශූරතාව කොළඹ දිස්ත්රික්කයේ පවේන්ද්ර රමේෂ් හා කාන්තා ශූරතාව මොනරාගල දිස්ත්රික්කයේ නිමේෂා දර්ශනී දිනා ගත්තාය.
මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරියෙන් ආරම්භ වූ මේ පිරිමි මැරතන් තරගය හයිලෙවල් මාර්ගයේ මීපේ දක්වා ගොස් නැවැත හැරී තරුණ සේවා සභාව අසලට කිලෝමීටර් 42ක දුරකින් පැමිණි අතර, පවේන්ද්ර රමේෂ් පැය 2:50.07කින් තරගය නිම කළේය. කිලෝමීටර් 21.097ක දුරකින් යුක්ත වූ කාන්තා තරගය නිමේෂා දර්ශනී පැය 1:25.55කින් නිම කළාය.
පිරිමි තරගයේ දෙවැනි ස්ථානය බදුල්ල දිස්ත්රික්කයේ ධනුෂ්ක ප්රභාත් පැය 2:54.57කින් හා තෙවැනි ස්ථානය කොළඹ දිස්ත්රික්කයේ තරූෂ අකලංක පැය 3:02.17කින් දිනා ගත්හ.
කාන්තා තරගයේ දෙවැනි ස්ථානය මහනුවර දිස්ත්රික්කයේ කුමුදු කුමාරි පැය 1:28.03කින් හා තෙවැනි ස්ථානය නුවරඑළිය දිස්ත්රික්කයේ ආරුමුගම් අනූෂා පැය 1:29.46කින් දිනා ගත්හ.
ජාතික යෞවන ක්රීඩා උලෙළේ අවසන් උලෙළ නොවැම්බර් 16 සිට 19 දක්වා කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවැත්වේ.
කවිඳු සමරවීර