මහනුවර ඇසළ පෙරහර පැවැති දින 10 දී මහනුවර නගරයේ කසළ ටොන් 250ක් පමණ එකතු වූ බව මහනුවර මහ නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක මහතා පවසයි.
මේ අතර ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය ටොන් 50ක් පමණ තිබෙන බව ද ඒ මහතා කීය.
පෙරහර නැරඹීමට පැමිණි ජනතාව අක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කර තිබූ කසළ ටොන් 10ක් පමණ ද අලි ඇතුන් ගාල්කර සිටි ස්ථානවලින් අලි බෙටි සහ කිතුල් කොට ඇතුළු අපද්‍රව්‍ය ටොන් 15ක් පමණ ද දෛනිකව එකතු වූයේ යැයි හෙතෙම ප්‍රකාශ කළේය. පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව අතරින් බහුතරයක් ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් මෙන්ම ඉතිරි වන ආහාර ද්‍රව්‍ය ද තමන් වාඩි වී සිටි තැනම දමා යන බවත් මේවා අලුයමට පෙර ඉවත් කිරීම සඳහා නගර සභාවේ සේවකයින්ට විශාල වෙහෙසක් දැරීමට සිදු වූ බවත් දිසානායක මහතා පැවසුවේය.
පෙරහර නැරඹීමට පැමිණෙන විට රැගෙන එන ප්ලාස්ටික් බෝතල්, පොලිතීන්, සෙල්ලම් භාණ්ඩ, කෑම පෙට්ටි වැනි ඝන අපද්‍රව්‍ය ටොන් පහකට ආසන්න ප්‍රමාණයක් ද ඉවතලන ආහාර ද්‍රව්‍ය ටොන් පහක් පමණ ද දෛනිකව එකතු වූ බව කසළ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරුවරයා කීවේය.
අසේල කුරුළුවංශ
409