Saturday, April 19, 2025
Home » යුක්‍රේන ආරක්ෂක ඇමති ඉවතට

යුක්‍රේන ආරක්ෂක ඇමති ඉවතට

by chanaka
September 4, 2023 11:49 am 0 comment

යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් ධුරයෙන් ඉවත්කර තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයාව ධුරයෙන් ඉවත් කළ බව යුක්‍රේන ජනාධිපති ව්ල්දෝමියර් සෙලෙන්ස්කි නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සිට ඔලෙක්සි රෙස්නිකොව් එරට ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවනු ලැබීය.

කෙසේ වුව ද රුසියාවේ ප්‍රහාරයන්ට සාර්ථකව මුහුණදීම සදහා නව මුහුණුවරක් ලබාදීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යවරයාව ඉවත් කළ බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත. එසේම ආරක්ෂක අමාත්‍යාංශයේ “නව ප්‍රවේශයන්” සඳහා කාලය එළඹ ඇතැයි ද ඔහු පවසා තිබේ.

නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය දේපළ අරමුදලේ ප්‍රධානී රුස්ටම් උමෙරොව් නම්කර ඇත. ඊට යුක්‍රේන පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය යුතු බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT