සිංගප්පූරුවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස එරට රජයේ හිටපු මුදල් ඇමැති ධර්මන් ෂන්මුගරත්නම් තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිංගප්පූරුවේ හිටපු නියෝජ්‍ය අගමැතිවරයා ද වූ 66 හැවිරිදි ෂන්මුගරත්නම් පසුගියදා ඡන්ද 70.4%ක වාර්තාගත ප්‍රතිශතයක් ලබාගැනීමට සමත් වූ අතර, දෙවැනි ස්ථානයට පත්වූ කොක් ලැබූ ඡන්ද ප්‍රතිශතය 15.72%ක් බව සඳහන් වේ. දශකයකට වැඩි කාලයකින් පසු සිංගප්පූරුවේ පැවැති පළමු ජනාධිපතිවරණය මෙය වේ. විශිෂ්ට ආර්ථික විද්‍යාඥවරයකු ද වන නව ජනාධිපතිවරයා සහ ඔහුගේ පියා වන එරට හිටපු කීර්තිමත් වෛද්‍ය විද්‍යාඥ මහාචාර්ය කනගරත්නම් ෂන්මුගරත්නම් සිංගප්පූරුවේ උපත ලැබුවද, ජනාධිපතිවරයාගේ සීයා යාපනයේ උපන් දමිළ ජාතික ගුරුවරයකු බව සඳහන් වේ.
චීන – ජපාන සම්භවයක් සහිත සිංගප්පූරු නීතිවේදිනයක වූ ජේන් යුමිකෝ සමඟ විවාහ වී සිටින ධර්මන් ෂන්මුගරත්නම්ට දියණියක සහ පුතුන් තිදෙනෙකි. නව ජනාධීපතිවරයා අන්තර්ජාලයේ හඳුන්වනු ලබන්නේ 19 වැනි සියවසේ සිට සිංගප්පූරුවේ ජීවත්වන ශ්‍රී ලාංකික දමිළ පරපුරක තුන්වැනි පුරුක ලෙසිනි.