Home » උසස් පෙළ ප්‍රතිඵල අද

උසස් පෙළ ප්‍රතිඵල අද

by sachintha
September 4, 2023 5:52 am 0 comment

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිනමිණ’ට ඊයේ (03) ප්‍රකාශ කළේය.
මේ වන විට පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු සියල්ලක්ම අවසන් කර දෙවැනි වතාවට පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව ද හෙතෙම පැවසීය.
මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවෝ 278,196 ක් ද, පෞද්ගලික අයදුම්කරුවෝ 53,513 ක් ද පෙනී සිටියහ.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගුරුවරුන් 20,000කින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 1,100කින් සමන්විත කාර්ය මණ්ඩලයකින් සිදු කෙරිණි.
පසුගිය වර්ෂයට නියමිතව තිබූ මෙම විභාගය මෙම වර්ෂයේ ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්විණි.
සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT