Home » මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට

by yasara
September 3, 2023 1:13 pm 0 comment

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට අධික වර්ෂාව ඇද හැලෙමින් පවතියි.

මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මස්කෙළිය ඔය ආරම්භ වන මීරියාකෝට්ටේ හා ශ්‍රීපාද රක්ෂිතයට අධික වැසි ඇද හැලීමෙන් මස්කෙළිය ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇත.

මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මරේ හා ගාඩ්මෝර් දිය ඇලිවල ජල මට්ටමද ඉහල ගොස් තිබේ. අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල නගින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

maussakele

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT