Home » බෑනාගේ කැති පහරින් මාමා මරුට

බෑනාගේ කැති පහරින් මාමා මරුට

බේරන්න ආ නෑයන්ටත් බරපතළයි

by gayan
September 2, 2023 1:00 am 0 comment

බදුල්ල එගොඩපිටිය පතනේගෙදර ප්‍රදේශයේ ඊයේ (01) අලුයම දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙහිදි තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මියගොස් ඇත්තේ දඹගහවත්ත, ගල්කොටුවේගම පදිංචි 41 හැවිරිදි සමරකෝන් ජයසුන්දර මුදියන්සේලාගේ සුගත් කුමාර නැමැති අයෙකි.

අලුයම 01.30ට පමණ ඇතිවු ආරවුලක් සමථයකට පත්කිරීම සඳහා උත්සාහ කිරීමේදී මරණකරුගේ සහෝදරයෙකු සහ ඔහුගේ බිරිය තුවාල ලබා ඇති අතර, ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි.

ඝාතනය සිදුකළ බව කියන මරණකරුගේ බෑනා සහ තවත් පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ දේහය පොලිස් ආරක්ෂාව සහිතව සිද්ධිය වූ ස්ථානයේ ඇති බවත් මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන සී. ගමගේ සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT