Home » අමෙරිකා ගායන ශිල්පි ජිමී බෆට් මිය යයි

අමෙරිකා ගායන ශිල්පි ජිමී බෆට් මිය යයි

by chanaka
September 2, 2023 9:41 pm 0 comment

අමෙරිකානු ගායන ශිල්පියෙකු මෙන්ම ගීත රචකයෙකු වූ ජිමී බෆට් (Jimmy Buffett) මියගොස් තිබේ.

මිය යන විට ඔහු 76 හැවිරිදි වියේ පසුවිය.

ජිමී බෆට්ගේ වෙබ් අඩවියේ ප්‍රකාශ කර ඇත්තේ ජිමී සැප්තැම්බර් 1 වැනිදා රාත්‍රියේ සාමකාමීව අභාවප්‍රාප්ත වූ බවයි. බෆට්ගේ මරණයට හේතුව සඳහන් නොකළ නමුත් ඔහු පසුගිය මාස කිහිපය තුළ රෝහලේ කාලය ගත කළේය.

‘Margaritaville’ සහ ‘Fins’ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ඔහුගේ නිර්මාණ අතරට අයත් වන අතර ඔහු විසින් ගීත ඇල්බම 27ක් පමණ නිර්මාණය කර ඇති බව සඳහන්වේ.

ජිමී බෆට් මිය යාම සම්බන්ධයෙන් ලොව පුරා සිටින ඔහුගේ රසික රසිකාවියන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ශෝකය පළ කර ඇති ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සංගීත ශිල්පියෙකුට අමතරව ජිමී බෆට් දක්ෂ කතුවරයෙකු ද වේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT