ක්‍රිමියානු අර්ධද්වීපය සහ රුසියාව යාකෙරෙන “කර්ච්” පාලමට අද අලුයම ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්‍රේන හමුදාව උත්සාහ දැරූ බව, රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය සදහන් කරයි.
එය සාර්ථකව මැඩපැවැත්වූ බව එම අමාත්‍යාංශය පවසා ඇත.
“කර්ච්” පාලමට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා යුක්‍රේන හමුදාව විසින් මිනිසුන් රහිත යාත්‍රා තුනක් යොදා තිබූ බව, රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි. එම යාත්‍රා තුන සිය හමුදාව විනාශ කළ බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර, රුසියානු ගුවන් ආරක්‍ෂක පද්ධතිය මගින් එරට දකුණු දිග “බෙල්ග්‍රෝඩ්” කලාපයට ඉහළින් පියාසර කළ යුක්‍රේනඩ්‍රෝන යානා සාර්ථකව බිම හෙලූ බව ද, රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය සදහන් කර ඇත. එමගින් කිසිඳු දේපල හෝ ජීවිත හානියක් සිදු නොවූ බව සදහන් කෙරේ.