Home » Visa සමාගම ශ්‍රී ලංකාවේ සිය 35 වෙනි සංවත්සරය සමරයි

Visa සමාගම ශ්‍රී ලංකාවේ සිය 35 වෙනි සංවත්සරය සමරයි

by gayan
September 2, 2023 1:00 am 0 comment

ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රය පිළිබඳ ගෝලීය ප්‍රමුඛයා වන Visa සමාගම ශ්‍රී ලංකාවේ සිය 35 වසරක දිගු ගමන නොබෝදා සමරනු ලැබුවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්ය. මෙම දිගු ගමන තුළ ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යොමු කිරීමට Visa ඉතා විශාල කාර්ය භාරයක් සිදුකර තිබේ. මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම වෙනුවෙන් Visa ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් බල ගැන්වීම උදෙසා රුපියල් මිලියන 13ක් ඒෂියා පදනම වෙත (The Asia Foundation ) පරිත්‍යාග කරන බව නිවේදනය කර ඇත.

Visa ආසියා ශාන්තිකර කලාපීය සභාපති ලෙස ක්‍රියාකරන ක්‍රිස් ක්ලාක් මහතා මේ පිළිබඳව පවසා සිටියේ “පසුගිය වසර 35 තුළ Visa ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙන බවයි. අපගේ දැක්ම වනුයේ මූල්‍ය කටයුතුවලින් ඔබ්බට ගොස් සෑම ස්ථානයකම සිටින සෑම කෙනෙකුම බලගැන්වීමට දායක වීමෙන් පුද්ගලයන් ,ව්‍යාපාර සහ පුළුල් ප්‍රජාව බල ගැන්වීමයි. ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීමට අපි කැපවීමෙන් කටයුතූ කරන අතර “ Visa Government Solutions” දියත් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටට පත් වෙමු”.

මෙම අවස්ථාව සැමරීමේදී ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන්ගේ (SMBs) ආර්ථික ප්‍රගතිය වැඩි දියුණු කිරීම සඳහා Visa විසින් රුපියල් මිලියන 13ක් ලබා දීමට කටයුතු කර ඇත. ආසියානු පදනම (The Asia Foundation ) සමඟ හවුල්කාරිත්වයෙන් යුතුව Visa විසින් තෝරා ගන්නා ලද කාන්තා ව්‍යවසායිකාවන් සඳහා මෙම අරමුදල් ලබා දෙනු ලැබේ. මීට අමතරව මෙම අරමුදල් මඟින් නිපුණතා සංවර්ධනය, දැනුම හුවමාරු කර ගැනීම සඳහා ද අවස්ථාව ලබා දෙනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT