Home » SLIM SMEDA රන් සම්මානයෙන් අයිලන්ඩ් ඩේරීස් පිදුම් ලබයි

SLIM SMEDA රන් සම්මානයෙන් අයිලන්ඩ් ඩේරීස් පිදුම් ලබයි

by gayan
September 2, 2023 1:00 am 0 comment

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන අයිලන්ඩ් ඩේරීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වරලත් අලෙවිකරුවන්ගේ ආයතනය සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සම්මාන උලෙළේදී කෘෂිකාර්මික සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උලෙළේදී අයිලන්ඩ් ඩේරීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් ලියනගේ මහතා වෙත සම්මානය පිරිනැමිණි.

අයිලන්ඩ් ඩේරීස් සමාගමේ නිර්මාතෘවරයා වන ලියනගේ කරුණාරත්න මහතා විසින් අරඹන ලද මෙම සමාගම වර්තමානයේදී දිවයින පුරා ශාඛා ව්‍යාප්ත කරමින්, සෘජු සහ වක්‍ර රැකියා රැසක් සපයමින් දේශීය ගොවියන්ගේ කිරි ඉහළ මිලකට ගනිමින් කිරි ගොවීන් බල ගැන්වීමට සුවිශාල දායකත්වයක් සපයයි. කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ආශ්‍රිත උපාධි සහ ඩිප්ලෝමා හදාරන සරසවි සිසු සිසුවියන්ගේ පර්යේෂණ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට ද සමාගම කටයුතු කරයි.

දශක තුනකට වැඩි සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන අයිලන්ඩ් ඩේරීස් සමාගමේ රස ගුණ සපිරි නිෂ්පාදන අතර සෙට් යෝගට්, පලතුරු යෝගට්, පැණි යෝගට්, රස තුනකින් එන යෝගට් පානය, මුදවපු කිරි, පැණි කජු ඇතුළු අයිස් ක්‍රීම්, දොඩම් පානය සහ නැවුම් එළ කිරි පානය ප්‍රමුඛ වන අතර කීල්ස් සහ ආර්පිකෝ සුපිරි වෙළෙඳසැල්වලට ද ඔවුන්ගේ සන්නාම යටතේ නිෂ්පාදන රැසක් සපයයි. “අපි අයිලන්ඩ් ඩේරීස් සමාගම ඇරඹුවේ ඉතා කුඩා මට්ටමෙන්. පසුගිය දශක තුන පුරා අපි ජයග්‍රහණ රැසක් සහ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන රැසක් ලබා තිබෙනවා. මෙවර ජාතික මට්ටමේ SLIM සම්මානයක් හිමි වීම අපි ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය සඳහා වෙහෙස නොබලා දායක වූ අපේ සමාගමේ කාර්ය මණ්ඩලයට සහ අපට නිබඳ ශක්තියක් වන රට පුරා සිටින පාරිභෝගිකයන්ට මගේ කෘතඥතාව පිරිනමනවා.” කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් ලියනගේ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT