Home » ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙක් සිංගප්පූරු ජනාධිපති වෙයි

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙක් සිංගප්පූරු ජනාධිපති වෙයි

by chanaka
September 2, 2023 9:19 pm 0 comment

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස අද(02) තේරී පත් විය.

ලොව ඉහළතම දේශපාලනික පදවියකට පත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා ලෙස ද ඔහු මෙරට ඉතිහාසයට එක් වේ.

සිංගප්පූරුවේ ඊයේ පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී සියයට 70.4ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගත් ධර්මන් ෂන්මුගරත්නම් මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔහු 2011 වසරේ සිට 2019 දක්වා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

ඊට අමතරව එරට මුදල්, අධ්‍යාපන සහ මානව සම්පත් කරළමනාකරණ අමත්‍යවරයා ලෙසද කටයුතු කර ඇති ධර්මන් ෂන්මුගරත්නම් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද ඉහළ පෙලේ තනතුරු හොබවා තිබේ.

නව සිංගප්පූරු ජනාධිපතිවරයාගේ මව මෙන්ම මුත්තණුවන්ද ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ උපත ලැබූවන් බව වාර්තා වේ.

ධර්මන් ෂන්මුගරත්නම්, සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයක් අතර සිව්වැනි පරම්පරාව නියෝජනය කරන්නෙකු ලෙස සලකනු ලැබේ. ඔහුගේ පියා වූ මහාචාර්ය කේ. ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ ප්‍රකට වෛද්‍ය විද්‍යාඥයෙකු ලෙස සැලකේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT