Home » කෝටි 29ක මැණික් සමඟ ඇල්ලූ කත රිමාන්ඩ්

කෝටි 29ක මැණික් සමඟ ඇල්ලූ කත රිමාන්ඩ්

by mahesh
September 1, 2023 12:55 am 0 comment

සුභාෂිණී සේනානායක

රුපියල් කෝටි 29.1ක් (විසිනව කෝටි දස ලක්ශයක්) පමණ වටිනා ග්‍රෑම් 2311.75 ක බරින් යුතු මැණික් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාව ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ 31 නියෝග කර තිබේ.

ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය විසින් අඩංගුවට ගෙන රේගුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රේගුව බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය මෙම නියෝගය සිදු කර ඇත.

සැකකාර කාන්තාවගෙන් මූලික ප්‍රකාශ ලබා ගත් බවත් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් රේගුව අධිකරණයට දන්වා ඇති අතර සැකකාර කාන්තාව වරින් වර ඉන්දියාව තායිලන්තය වැනි රටවලට ගමන් කර ඇති බවට මූලික විමර්ශන අනාවරණය කළ බවත් බී වාර්තාවේ දක්වා ඇත.

පෙරේදා 30 උදෑසන 3.15 ට අංක AI 217 දරන ගුවන් යානයෙන් චෙන්නායි බලා පිටත්වීමට පැමිනි ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි වයස 30ක් වන ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් ග්‍රෑම් 2311.75ක බරින් යුතු මැණික් තොගයක් ස්වකීය ඇඳුම් තුළ රඳවාගෙන වංචනික ලෙස රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම මැණික් ජාවාරම පිටුපස සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව රේගුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT