මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියා ආසාදනයේ ව්‍යාප්තියක් රට තුළ තවදුරටත් නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිනමිණ’ ට ඊයේ (31) පැවසුවේය.
සෑම වර්ෂයකම මේ රෝගය ආසාදිතයන් 40ක් පමණ වාර්තා වන බවත්, එය සාමාන්‍ය සිදුවීමක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මේ රෝගය ශ්‍රී ලංකාවට ආවේණික වූවක් නොවන බවත්, මේ වර්ෂය තුළ දැනට ආසාදිතයන් 10ක් පමණ වාර්තා වී ඇති බවත් ඒ මහතා කීවේය. රෝගීන් කිහිප දෙනකු වාර්තා වීම පාසල් කටයුතුවලට, රැකියා කටයුතුවලට බාධාවක් නොවන බවත්, සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතුවල ජනතාවට නිරත විය හැකි බවත් හෙතෙම පැවසීය. මේ රෝගය ව්‍යාප්ත නොවීමට අවශ්‍ය පියවර සෞඛ්‍ය බලධාරීන් විසින් ගෙන ඇතැයිද ඒ මහතා පැවසුවේය. ම රෝගය ලංකාවට ආවේණික වූවක් නොවන බවත් මේ වර්ෂය තුළදී දැනට ආසාදිතයන් 10 ක් පමණ වාර්තා වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.රෝගීන් කිහිපදෙනකු වාර්තා වීම පාසල් කටයුතුවලට, රැකියා කටයුතුවලට බාධාවක් නොවන බවත් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතුවල ජනතාවට නිරත විය හැකි බවත් හෙතෙම පැවසීය.මෙම රෝගය ව්‍යාප්ත නොවීම සඳහා සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇතැයි ද ඒ මහතා පැවසුවේය.