Home » ටී.බී. ජයා අනුස්මරණ පාසල් බොක්සිං තරගාවලියට තව දිනක් එක් වෙයි

ටී.බී. ජයා අනුස්මරණ පාසල් බොක්සිං තරගාවලියට තව දිනක් එක් වෙයි

ආධුනිකයන් දෙදෙනකුටත් අවස්ථාව

by mahesh
September 1, 2023 1:00 am 0 comment

වත්තල විශේෂ - ජෝශප් පයස්

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධාන කරන ‘ටී.බී. ජයා අනුස්මරණ පාසල් ආධුනික බොක්සිං තරගාවලිය’ පැවැත්වෙන කාල සීමාව ඉදිරියේදී එක් දිනකින් වැඩි කරමින් දින 6ක් තුළ පැවැත්වීමටත්, ඊට ආධුනික ක්‍රීඩකයන් දෙදෙනකුට එක් වීමට අවස්ථාව දීමටත් තීරණය කර තිබේ.

මේ ශූරතාවලිය පදක්කම්ලාභීන්ට පමණක් සීමා කිරීමට පාසල් බොක්සිං සංගමය කටයුතු කර තිබූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ක්‍රීඩා) පාලිත අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් බොක්සිං අධීක්ෂක නිලධාරී සුසන්ත ලීලසේන මහතා ප්‍රමුඛ පාසල් බොක්සිං භාර ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණ ගෙන තිබේ.

ඒ අනුව මේ බොක්සිං තරගාවලිය සඳහා ආධුනික ක්‍රීඩකයන් දෙදෙනකුට හා උපරිම ක්‍රීඩකයන් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකට සහභාගි වීමේ අවස්ථාව ලබා දීමටත් තීරණය කර ඇත.

මේ තීරණ සම්බන්ධව ශ්‍රී ලංකා ජාතික බොක්සිං සංගමයේ සභාපති සහ ලේකම්වරයා වෙත අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව අගෝස්තු මස 22 දිනැති ලිපියක් මඟින් ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ සභාපති සහ ලේකම් වෙතද පිටපත් යොමු කරමින් දැනුවත් කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT