Home » ආසියානු කුසලාන යතුරුපැදි තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නිපුන් සහ සබීර්

ආසියානු කුසලාන යතුරුපැදි තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නිපුන් සහ සබීර්

by mahesh
September 1, 2023 1:00 am 0 comment

ගීෂා මුණසිංහ

දශක දෙකකට අධික කාලයක් පැවැත්වෙන ලොව පැරණිතම යතුරුපැදි ධාවන තරගාවලියක් වන FIM ආසියානු කුසලාන මාර්ග ධාවන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිපුන් ඩිලංක සහ සබීර් මිම්ෂාඩ් එක් වෙති.

තායිලන්තයේ හසොන්වයිසි නගොන්පතොම් ධාවන පථයේදී පැවැත්වෙන මේ තරගාවලිය අදියර තුනකින් සමන්විත වන අතර, දෙවැනි අදියර තායිවානයේදී හා තෙවැනි අදියර පිලිපීනයේදී පැවැත්වීමට නියමිතය.

හෙට ආරම්භ වන පළමු අදියරේ තරගය කොටස් දෙකකින් සමන්විත වන අතර, එහි දෙවැනි කොටසේ තරග 3 වැනිදා පැවැත්වේ. තරගාවලියට ජපානය, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව, නේපාලය, තායිවානය, චීනය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ එක් වෙති.

ජේඩින් හා ඒරේන් ගුණවර්ධන සහොයුරෝ මින් පෙර මේ තරගාවලියට සහභාගි වූ අතර, ඔවුන් ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT