Monday, April 21, 2025
Home » තීරු බදු නොගෙවූ රට දුම්වැටි තොගයක් මකුළුව නිවෙසක

තීරු බදු නොගෙවූ රට දුම්වැටි තොගයක් මකුළුව නිවෙසක

by mahesh
September 1, 2023 12:55 am 0 comment

කරන්දෙණිය සමූහ - අනුරාධ ප්‍රියදර්ශන

රජයට තීරුබදු අහිමි කරමින් මෙරටට ගෙන්වන ලද විදේශීය රටක නිෂ්පාදිත Manchester වර්ගයේ දුම්වැටි තොගයක් හොර රහසේ නිවසක් තුළ සඟවාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (30) ගාල්ල පොලිස් වසමේ 5/22, මකුළුව, 01 පටුමඟ, ගාල්ල ප්‍රදේශයේ නිවසක දී වැටලීමක් සිදුකර ඇත. එහි දී තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද Manchester වර්ගයේ විදේශිය දුම්වැටි 1,180ක් සන්තකයේ තබාගෙන සිටි මකුළුව, 01 පටුමඟ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT