Home » උඩුමුල්ල එම්.ඩී.එච්. ජයවර්ධන කනිෂ්ඨයේ සීල සමාදානය

උඩුමුල්ල එම්.ඩී.එච්. ජයවර්ධන කනිෂ්ඨයේ සීල සමාදානය

by mahesh
September 1, 2023 1:00 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ උඩුමුල්ල එම්. ඩී. එච්. ජයවර්ධන කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් සංවිධානය කළ සීල සමාදාන වැඩසටහනක්, උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේදී පැවැත්වුණි.

දරුවන්ගේ සදාචාර සංවර්ධනය, ආගමික නැඹුරුව මෙන්ම ප්‍රදේශවාසීන්ට ප්‍රජා සත්කාරයක් ලෙස උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරාධිපති කැබිතිගොල්ලෑවේ චන්ද්‍රාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි විදුහල්පති දිල්හානි විජේවර්ධන මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ බෞද්ධ සංගමය විසින් වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, සිසු දරු දැරියෝ ද, ඔවුන්ගේ මවුපියෝ ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT