585
මීගොඩ නඩුහේන ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි බතික් නිමි ඇඳුම් වෙළෙඳසලක අද (31) අලුයම ඇති වූ ගින්නකින් එහි පහත මාලය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. ප්‍රදේශවාසීන් එක්ව පහත මාලයෙන් අනෙකුත් මහල්වලට ගින්න යාමට නොදී පාලනය කර ගින්න නිවා දැමීමට කටයුතු කර ඇතැයි ද පොලිසිය පවසයි. මෙය ගිනි ගැනීමක් ද කිසිවෙකු විසින් ගිනි තිබ්බා ද යන්න පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති බව ද පොලිසිය පවසයි.