Home » සිවුරු හැර පලාගිය දැරි­‍ෙයා් ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට
මෙහෙණියගේ අඩන්තේට්ටමට ලක් වූ 

සිවුරු හැර පලාගිය දැරි­‍ෙයා් ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට

by mahesh
September 1, 2023 1:00 am 0 comment

ගම්පහ සමූහ - ටෝනි කරුණානායක

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙන් අධ්‍යාපන පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටියදී එහි ප්‍රධාන මෙහෙණියගේ අඩන්තේට්ටම්වලට ලක් වීම හේතුවෙන් මෙහෙණියන් ලෙස සිට සිවුරු හැර දමා මෙහෙණි ආරාමයෙන් පලා ගිය දැරියන් තිදෙනාගෙන් දෙදෙනෙකුව මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක තාවකාලිකව රඳවා තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

මෙහෙණිය ලෙස සිට සිවුරු හැර දමා ගිය අවුරුදු 12ක් සහ 15ක්

වයසැති දැරියන් දෙදෙනෙකුව මෙසේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙසට නියම කෙරුණි. මෙහෙණියක් ලෙස සිටි අවුරුදු 18ක් වයසැති දැරියව රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත මව වෙත මුදා හැරුණි. එම දැරියන් තිදෙනා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය පරිවාස වාර්තා එළඹෙන එකොළොස් වැනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට පරිවාස නිලධාරි වෙත වැඩිදුරටත් නියම කෙරුණි. මහණ වීමේ අපේක්ෂාවෙන් ආරාමයේ සිටියදී දැරියන් සමඟ පලා ගිය 32 හැවිරිදි කාන්තාව අධිකරණය මඟින් පුද්ගලික ඇපයක් මත මුදා හැරියේය.

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි එම පිරිවෙනේ සිටියදී මෙහෙණින් වහන්සේලා ලෙස සිටි තිදෙනා සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාව පිරිවෙනේ ප්‍රධාන මෙහෙණිය විසින් සිදු කරන බැණ තර්ජනය කිරීම, පහර දීම සහ සාපරාධී බලහත්කාරය පා අඩන්තේට්ටම් කිරීම හේතුවෙන් ඉකුත් 24 වැනිදා ආරාමයෙන් පලා ගොස් තිබුණි.

මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාවගේ ඥාතීන් විසින් දැරියන් තිදෙනා සහ කාන්තාව නුවරඑළිය පොලිසියට භාර දීමෙන් අනතුරුව එම සිවුදෙනාව මිනුවන්ගොඩ පොලිසිය භාරයට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

මෙහෙණින්ලා ලෙස සිටි තිදෙනාට සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාවට ඉහත චෝදනා සිදු කිරීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට 28 වෙනිදා ඉදිරිපත් කර තිබූ බොරගොඩවත්ත පෙදෙසේ පිහිටි පිරිවෙනේ ප්‍රධාන

මෙහෙණියව ලබන 11 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT