Monday, April 7, 2025
Home » විශේෂ අවශ්‍යතා සහිත දරුවන් තිදෙනකු සිටින පවුලකට නිවෙසක්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් තිදෙනකු සිටින පවුලකට නිවෙසක්

by mahesh
September 1, 2023 1:00 am 0 comment

ගම්පහ දිස්ත්‍රික් විශේෂ - සිසිල ගුණතිලක

ගම්පහ මුදුන්ගොඩ උතුර ග්‍රාම සේවා වසමේ පදිංචි උපතින්ම මන්ද මානසික ආබාධයෙන් පෙළෙන දරුවන් තිදෙනෙකු සිටින ස්ථිර ආදායමයක් ද නොමැති වැන්දඹු කාන්තාවක් වන එම්. කේ. ග්‍රේටා රංජනී මහත්මිය වෙනුවෙන් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද නව නිවස ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතා විසින් සුබ මොහොතින් ඉකුත්දා ඔවුන් වෙත පවරා දීම සිදු කෙරිණි.

මොවුන් ජීවත් වෙමින් සිටි නිවස අධි අවදානම් මට්ටමක පැවති බැවින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් Òඅවැසි සෙවණÓ නමින් නව නිවස ඉදිකිරීමට පියවර ගැනිණි.

මේ සඳහා මූල්‍ය දායකත්වය ගම්පහ ව්‍යාපාරික ප්‍රජාව, මහජනතාව හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සපයන ලදි.

ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියගේ මෙහෙයවීමෙන් පරිපාලන ග්‍රාම නිලධාරී ඇතුළු ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු වසමේ අනෙකුත් නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් නිවසේ සියලු කටයුතු සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරුබණ්ඩාර, හිටපු නගරාධිපති එරංග සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT