තුම්මෝදර වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයේ 2023 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් 50 දෙනකුට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) දින විදුහල් ශාලාවේදී පැවැත්වුණි.
පින්නවල රාජපොල් මහා විද්‍යාලයේ විදුහල්පති සූරියවැව ධම්මපාල හිමිපාණන් විසින් සිදු කළ ආගමික වතාවන්ගෙන් පසු උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණි.
මෙහිදී විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස ප්‍රභාත් චාමිකර සිසුවා ද, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස එම්. ඒ. ඩී. පේශිකා සිසුවිය ද, උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස මිතිර චාමික, හේෂාන් සචිත්ත, දුලානි පංචාලි, සමාධි සත්සරණි, සිසු සිසුවියන් ද, විදුහලේ ක්‍රීඩා නායකයා ලෙස චතුර මහේන්ද්‍ර සිසුවා ද, ක්‍රීඩා නායිකාව ලෙස තමාලි මධුෂානි සිසුවියත්, තෝරා පත් කරගෙන ඇත.
ඔවුන්ට නිල ලාංඡන පැලඳවීම ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කෙරුණි.
ඉන් අනතුරුව අනෙකුත් ආරාධිත අමුත්තන්ට ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම අනෙකුත් ආරාධිත අමුත්තන් විසින් සිදු කෙරුණි.
අනතුරුව සිසුන් ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරුම් දීමත්, ගුරුවරුන් සහ මවුපියන් නැමදීමත් සිදු කෙරුණි.
විදුහල්පති චමින්ද අමරසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් උත්සවය සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට සූරියවැව ධම්මපාල හිමියන්, හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ, විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ විශේෂඥ වෛද්‍ය කෝලිත කරුණාදාස යන මහත්වරුන් ද, විදුහල්පති චමින්ද අමරසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ද, ආරාධිත පාසල්වල විදුහල්පතිවරුන්, ආරාධිත අමුත්තෝද, ශිෂ්‍ය නායක නායිකාවෝ ද, ඔවුන්ගේ මවුපියෝ ද සහභාගි වූහ.