Tuesday, April 8, 2025
Home » තබ්බෝව අභය භුමියේ වැව් වලට බවුසර් මගින් ජලය

තබ්බෝව අභය භුමියේ වැව් වලට බවුසර් මගින් ජලය

by yasara
September 1, 2023 1:36 pm 0 comment

bowser

විවිධ ප්‍රදේශ වලට වැසි ලැබුනද තබ්බෝව ඇතුළු ප්‍රදේශ රැසකට තවමත් නිසි වර්ෂාපතනයක් නොලැබිමත් සමග තබ්බෝව අභය භුමියෙ කුඩා වැව් වෙත බවුසර් මගින් ජලය දැමිමට වනජීවි නිළධාරීන් අද (01)  සිට ආරම්භ කර තිබෙයි.

වනජීවි දෙපාර්තුමේන්තුවට අයත් බවුසර් රථ යොදා ගනිමින් තබ්බෝව අභය භුමියෙ පිහිටි කුඩා වැව් වෙත වන සතුන්ගේ පරිහරණය සදහා මෙසේ ජලය දැමිමට වනජීවි නිළධාරීන් කටයුතු කර ඇත.

මාස හතරකට අධික කාලයක් පවතින දැඩි නියං තත්වය පහව යමින් දිවයින පුරා විවිධ ප්‍රදේශ වලට වැසි ලැබුනද පුත්තලම දිස්ත්‍රික්කයට තවමත් නිසි වර්ෂාපතනයක් නොලැබිම හේතුවෙන් මේ වන විට නියගය නිමා වි නැත.

ඒ හේතුවෙන් තබ්බෝව වන උද්‍යානයෙ වන සතුන්ට බීමට ජලය සොයා ගැනිමේ බරපතල ගැටළුවට මුහුන දී තිබිමත් සමග කරුවලගස්වැව හා වනාතවිල්ලුව වනජීවි නිළධාරීන් එක්වි කුඩා වැව් වෙත ජලය දැමිම ආරම්භ කල බව කරුවලගස්වැව අඩවි ආරක්ෂක ඩී .රාමසිංහ මහතා පැවසිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT