666
සීනිගම දේවාලයේ වාර්ෂික මහා පෙරහර හේතුවෙන් අද (01) සිට ලබන 04 වනදා දක්වා එම ප්‍රදේශය ආශ්‍රිත ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
ඒ අනුව ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන තදබදයක් ඇති නොවන අයුරින් අවස්ථානුකුලව පෙරහැර ගමන් ගන්නා මාර්ගය ඔස්සේම යොමුකිරීමට නියමිතය.
එම දිනවල විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.