මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව විසින් කරන ලද අපහාසාත්මක ප්‍රකාශයට අදාළව ලබන සැප්තැම්බර් මස 06 වනදා විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙස දුමින්ද නාගමුව යන අයට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (31) නොතිසි නිකුත් කළේය.
මහජනයා ප්‍රකෝප වන ආකාරයෙන් තමන්ට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ දැනුම් දීමකට අනුව සිදු කළ විමර්ශන ප්‍රගතිය බී වාර්තාවක් මගින් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
යූ ටියුබ් නාලිකාවට සහ ෆේස්බුක් ඔස්සේ මුදා හැර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.