ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2023, අද (1) පස්වරු 3.00ට විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්වේ.
ලේක් හවුස් ආයතනයේ දිනමිණ හා සිළුමිණ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීංකෙන්ද මහතාගේ ආරාධනයෙන් උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ මහතාගේ සහභාගිත්වයෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් සහ සරසවි ප්‍රකාශන ආයතනයේ සභාපති ප්‍රේමසිරි හපුතන්ත්‍රී මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහිදී මූලාසනයේ දේශනය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ විසිනි.
වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය විනිශ්චය ඉදිරිපත් කිරීම ආචාර්ය ප්‍රියන්ත තිලකසිරිද, වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය විනිශ්චය ඉදිරිපත් කිරීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉමේෂා ධර්මසේනද වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය විනිශ්චය ඉදිරිපත් කිරීම ආචාර්ය හංසමාලා රිටිගහපොළද, වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය විනිශ්චය ඉදිරිපත් කිරීම මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරද, වසරේ විශිෂ්ටතම නවකතාව විනිශ්චය ඉදිරිපත් කිරීම ආචාර්ය සුජීවා සෙබස්ටියන් පෙරෙයිරාද සිදු කරති. සුභාශංසනය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතාද, ස්තුතිය ආචාර්ය සම්පත් පුෂ්පකුමාර මහතාද පවත්වති.
උපාලි කරුණාරත්න