වම් එකේ ක්‍රියාකාරිත්වයක් නෑ
– විශේෂඥ ශල්‍ය වෛද්‍ය මලික් සමරසිංහ
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමෙන් අනතුරුව මියගිය වයස අවුරුදු තුනක පිරිමි දරුවාගේ වම් වකුගඩුව අඩු ක්‍රියාකාරීත්වයකින් යුක්ත බව පරීක්ෂණවලින් තහවුරු වුණු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මලික් සමරසිංහ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (31) හමුවේ සාක්කි දෙමින් සඳහන් කළේය.
අධිකරණ නියෝගයකට අනුව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා අධිකරණය හමුවේ ඊයේ(31)පෙනී සිටිමින් දරුවාගේ සැත්කම සම්බන්ධයෙන් සාක්කි ලබා දෙමින් මෙසේද කීය.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලෙස සේවය කරන මා රිජ්වේ ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා.
මෙම දරුවා සම්බන්ධයෙන් පරීක්ෂණ මාලාවක් සිදු කළා. අල්ට්‍රා ස්කෑන් පරීක්ෂණයක් ද සිදු කළා. වම් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය ඉතා අඩුයි. දකුණු පස වකුගඩුව 90% ඒක සාමාන්‍ය පරිදි තිබුණා. එම්.එස්.ඒ. ස්කෑන් එකක් කළා. මෙම ස්කෑන් එක මගින් වඩා නිවැරදිව කරුණු තහවුරු කරගත හැකියි.වම් පස වකුගඩුවේ ක්‍රියාකාරිත්වයත් පේන්න තිබුණේ නැහැ නැහැ.
සාමාන්‍ය ලෙස දකුණු වකුගඩුව නියමිත ස්ථානය තිබුණු බවට වාර්තා වී තිබුණා. මේ පරීක්ෂණයෙන් පස්සේ වම්වකුගඩුව අඩු ක්‍රියාකාරීත්වය තියෙන බවට කරුණු තහවුරු කරගත්තා.ඒ අනුව වම් වම්පස වකුගඩුවට (DCN)ටියුබ් එකක් දාන්න අපි තීරණය කළා. 2021 මැයි මාසෙ තමයි අපි මෙම තීරණය ගත්තේ. ලොකුවට පිම්බිලා තිබුණ වකුගඩුවට ටියුබ් එකක් දාලා ඒකෙන් මුත්‍රා එළියට ගන්නවා. මේකේ අරමුණු දෙකක් තියෙනවා.මේකෙන් එක්ස්රේ වලට පෙන්නුම් කරන ඩයි එකක් වකුගඩුවට යවනවා. ඒකෙන් බලන්න පුළුවන් මුත්‍රා මාර්ගයේ අවහිරයක් තියෙනවද කියලා. දකුණු පස වකුගඩුවෙි ඒ වැනි අවහිර වාර්තා වෙලා නැහැ. 2021 පෙබරවාරි මුල් සතියේ ස්කෑන් එකක් කළා. දකුණු වකුගඩුව 6.7cm හා වම් පස වකුගඩුව -7.9cm පරිමාණවලින් යුක්ත වුණා යැයි වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා අධිකරණය හමුවේ සාක්කි ලබා දුන්නේය. පැය කිහිපයක් වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මලික් සමරසිංහ මහතා සිදුකරන ලැබූ සාක්කි විභාගය මේ මස 05 වන දිනට වැඩිදුර විභාගය කල් තැබිණ.