Wednesday, April 9, 2025
Home » හොර පාරෙන් ගෙනා විදෙස් දුම්වැටි 3000ක් වෑන් රියකින් අදිමින් සිටි පුද්ගලයෙක් දැලේ

හොර පාරෙන් ගෙනා විදෙස් දුම්වැටි 3000ක් වෑන් රියකින් අදිමින් සිටි පුද්ගලයෙක් දැලේ

by mahesh
September 1, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

නීති විරෝධීව අලෙවි කිරීමට විදේශීය දුම්වැටි 3000ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සමඟ වෑන් රථයක් ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ දී පසුගියදා (29) කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික රංගල ආයතනය සහ කොළඹ වෙරළබඩ පොලිසිය එක්ව, කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී පංචිකාවත්ත මංසන්ධියේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ සැක කටයුතු වෑන් රථයක් නිරීක්ෂණය කිරීමේදී වෑන් රථයේ නීති විරෝධීව අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය දුම්වැටි 3000ක් සමඟ සැකකරුවකු සහ වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇත.

මේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන කොළඹ 13, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු විදේශීය දුම්වැටි තුන්දහසක තොගය සහ වෑන් රථය ඉදිරි නිතීමය කටයුතු සඳහා කොළඹ වෙරළබඩ පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT