Home » චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ සංගීත දිවියට වසර 45යි:

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ සංගීත දිවියට වසර 45යි:

ඒක පුද්ගල සංගීත ප්‍රසංගය 16දා මහරගමදී

by mahesh
September 1, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ සංගීත දිවියට වසර 45ක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් සංවිධාන කරන ඒක පුද්ගල සංගීත ප්‍රසංගය මහරගම, යොවුන් රඟහලේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඒක පුද්ගල සංගීත ප්‍රසංගය එළඹෙන 16දා පස්වරු 6.30ට පැවැත්වෙන අතර නොමිලේ පැවැත්වෙන මේ ප්‍රසංගය සඳහා ඕනෑම අයෙකුට සහභාගි විය හැකිය.

ගීත 30ක පමණ සංඛ්‍යාවක් මෙහිදී ගායනා කරන අතර චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය යුග ගායනයට එක්වෙයි.

ඊට අමතරව දමයන්ති ගමගේ, රුක්මන් අසිත, විජය බණ්ඩාර වැලිතුඩුව, අමන්දා දෙව්මි සහ රිසිනි හිමංසා රාජගුරු මහත්ම මහත්මීන් අත්වැල් ගායනයෙන් එක්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT