Wednesday, April 9, 2025
Home » ශ්‍රී ලාංකික සිසුන් 22කට හින්දි භාෂාව ඉගෙනීමට ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව 

ශ්‍රී ලාංකික සිසුන් 22කට හින්දි භාෂාව ඉගෙනීමට ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව 

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

by mahesh
September 1, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 22කට හින්දි භාෂාව ඉගෙනීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. ඉන්දියානු රජය විසින් දිවයින පුරා සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 22කට ඉන්දියාවේ දී හින්දි භාෂාව ඉගෙන ගැනීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව පිරිනමන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ සිසු පිරිස උත්තර් ප්‍රදේශ්, අග්‍රාහි කේන්ද්‍රීය හින්දි සංස්ථාන්හිදී නව මාසික ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 26ක සිසු සිසුවියන්ට මේ ශිෂ්‍යත්ව වැඩසටහනින් ශිෂ්‍යත්ව හිමි විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ශිෂ්‍යත්වලාභීන් පිරිස දිවයිනෙන් පිටත් වීමට පෙර හමු වූ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, වසර දහස් ගණනක් පැරණි සංස්කෘතික, භාෂාමය, සාහිත්‍යමය සහ ආගමික බැඳීම් ශක්තිමත් කිරීමෙහිලා හින්දි භාෂාවේ සහ සාහිත්‍යයේ භූමිකාව අවධාරණය කළේය. ඒ මහතා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉන්දියාවේ අධ්‍යයන කටයුතු සඳහා සිය සුබපැතුම් ද පිරිනැමීය.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම භාෂාවක් වන හින්දි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතක 80කට ආසන්න ප්‍රමාණයක උගන්වන අතර, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය මේ ශිෂ්‍යත්ව වැඩසටහන 2011 වසරේ සිට සම්බන්ධීකරණය කරයි.

ගිය වසර 12ට ශ්‍රී ලංකාවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 160කට මේ “විදේශයන්හි හින්දි ප්‍රචලිත කිරීම” යන ශිෂ්‍යත්වය ලබා දී ඇති අතර, ශ්‍රී ලංකාවෙන් වැඩිම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මේ වසරේ දී තෝරාගෙන තිබෙන බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT