Monday, April 7, 2025
Home » කිරිබත්ගොඩ වෙසක් කූඩු අවුල අධිකරණයට

කිරිබත්ගොඩ වෙසක් කූඩු අවුල අධිකරණයට

by mahesh
September 1, 2023 1:00 am 0 comment

රාගම සමූහ - කේ. එස්. හැන්නදි

පසුගිය වෙසක් සමයේ කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයේ පැවති වෙසක් කූඩු තරගයේ ජයග්‍රාහකයන්ට සංවිධායක මණ්ඩලය විසින් ගිවිසගත් මුදල් ත්‍යාග නිසි පරිදි ගෙවීම නොකළ බවට ජයග්‍රාහකයන් විසින් කිරිබත්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් මත විශ්වාසය කඩකිරීමේ

චෝදනාව මත පැවරූ නඩුව 29 වනදා බී වාර්තාවක් මඟින් යළි කැඳවූ අතර, මහර මහේස්ත්‍රාත් සමන් දිමුතු පරණලියනගේ මහතා විසින් ලබන ඔක්තෝබර් 03 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එම වෙළෙඳ සංගමයේ සභාපති හා ලේකම්වරයා වෙත නොතිසි නිකුත් කළේය.

රුපියල් 3,70,000 හිඟ මුදලක් වෙනුවෙන් මෙම නඩුව පවරා තිබිණි. කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණ භූමියේ පැවති කැලණිය ප්‍රදේශීය සභාව හා කිරිබත්ගොඩ එක්සත් වෙළෙඳ සංගමය එක්ව සංවිධානය කළ මෙම වෙසක් කූඩු තරගයේ තෑගි මුදල් නිසි ආකාරව ලබා නොදීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි. අධිකරණයේ නඩු පැවරීමට පෙර පොලිසිය මෙම සිද්ධිය සමථ මණ්ඩලය වෙත යොමු කළ අතර, එහිදී ද සමථයට පත් නොවීම නිසා මෙලෙස නඩු පවරා ඇත.

වෙසක් කූඩු තරගයේ පළමු ස්ථානය සඳහා සහතික පත්‍ර සමඟ රු.ලක්ෂ 2ක මුදලක් ද, දෙවන ස්ථානය සඳහා රු.150,000ක් ද, තෙවැනි ස්ථානය සඳහා රු.100,000ක මුදලක් ද එතැන් සිට 10 වන ස්ථානය දක්වා රු.50,000ක මුදලක් ද ගෙවන බවට ආරම්භක අවස්ථාවේදී ප්‍රචාරක පුවරු මඟින් තරග සංවිධායකයන් විසින් දන්වා සිටි නමුත් අවසානයේ පොරොන්දු කඩකරමින් ප්‍රදානය කර තිබුණේ ඊට වඩා අඩු මුදලකි. ඒ අනුව ප්‍රථම ස්ථානය සඳහා රුපියල් ලක්ෂ 2,00,000 වෙනුවට රුපියල් 1,50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 150,000 වෙනුවට රුපියල් 100,000ක මුදලක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 100,000 වෙනුවට රුපියල් 50,000/-ක් ලෙස රු 5000 බැගින් අඩු මුදලක් ලබා දී තිබුණි.

අගතියට පත් වෙසක් කූඩු නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT