Home » පුනරුත්පත්තිය සත්‍යයක්

පුනරුත්පත්තිය සත්‍යයක්

අමෙරිකානු විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ලොව කැලඹූ හෙළිදරව්වක්

by mahesh
September 1, 2023 1:05 am 0 comment

30කට ආසන්න භාෂා ප්‍රමාණයක් භාවිත කරන දහස් ගණනක ජනතාව සම්බන්ධව පර්යේෂණ ගණනාවක අත්දැකීම් සම්භාරයක් තුළින් මරණින් මතු ජීවිතයක් ඇති බව කිසිදු සැකයකින් තොරව තමාට ඒත්තු ගැන්වී ඇතැයි අමෙරිකාවේ කෙන්ටාකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ආචාර්ය ජෙෆ්රි ලෝන්ග් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මරණාසන්න අත්දැකීම් දහස් ගණනක් අධ්‍යයනය කිරීමෙන් පසු මේ බව සොයා ගැනීමට හැකි වූ බවත් ආචාර්ය ජෙෆ්රි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

දීප්තිමත් ආලෝකයක් හෝ ආත්මයක් ලෙස සිරුරේ සැරිසරන යම් කිසිවක් ගැන මරණාසන්න පුද්ගලයන් තමාට ප්‍රකාශ කළ බවත්, දශක ගණනාවක් පුරා මෙවැනි සිදුවීම් පර්යේෂණ කිරීමෙන් පසු මරණින් මතු ජීවිතයක් නැති බවට තමා තුළ වූ විශ්වාසයන් උඩුයටිකුරු වී ගිය බවත් ආචාර්ය ජෙෆ්රි ලෝන්ග් සඳහන් කර තිබේ.

ලොව විවිධ ආගම් සහ ඇදැහිලිවලg සම්බන්ධ පුද්ගලයන් පන්දහසකට වැඩි පිරිසකගේ තොරතුරු එක්රැස් කිරීමෙන් පසු මරණින් මතු ජීවිතය සම්බන්ධව තමා තුළ විශ්වාසයක් ඇති වූ බව ද මේ විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT