Home » ‘ඉඩලියා’ ජෝර්ජියාව වනසයි

‘ඉඩලියා’ ජෝර්ජියාව වනසයි

by mahesh
September 1, 2023 1:00 am 0 comment

අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් සමඟ ‘ඉඩලියා‘ සුළි කුණාටුව දකුණු ජොර්ජියාවට ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දින කිහිපය පුරා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට දරුණු හානි සිදු කළ ‘ඉඩලියා‘ සුළි කුණාටුව පළමු කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණයට ලක්වීමේ තත්ත්වය පෙන්නුම් කරමින් ජෝර්ජියාවේ මහාමාර්ග විනාශ කරමින්ද, ගස්වැල් සහ විදුලි රැහන් කඩා බිඳ දමමින්ද බරපතළ හානි සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අධික වර්ෂාවත් සමඟ ජෝර්ජියාවේ මහාමාර්ග හා නිවාස රැසක් ජලයෙන් යටවී ඇති අතර, පැයට සැතැපුම් 90කට වැඩි වේගයෙන් හමා ගිය සුළං තත්ත්වය නිසා නිවාස රැසකට බරපතළ හානි සිදු වී තිබේ. මේ තත්ත්වය මත ජෝර්ජියාවේ ලක්ෂයකට අධික පිරිසකට විදුලි බලය අහිමි වී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT