ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඝෘජු අධීක්ෂණය යටතේ ජාතික චිත්‍රපට සංස්ථාව මෙහෙයවන 20 වැනි ජනාධිපති සම්මාන (2023) උලෙළ නොවැම්බර් 20දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. එහි මූලික කටයුතු දැන් ඇරැඹී ඇත. ඒ අනුව ඉකුත්දා (20) සිට ඒ සඳහා සලකා බැලෙන 2019 සහ 2020 දෙවසරට අදාළ චිත්‍රපට 42ක් එහි ජූරි සභාව මේ වන විට නරඹමින් පවතියි. ඒ, 2019 වසරේ තිරගත කෙරුණු චිත්‍රපට 30ක් හා 2020 වර්ෂයේදී තිරගත කළ චිත්‍රපට 12ක් වශයෙනි. ඒ සඳහා විවිධ අංශ 25ක් යටතේ සම්මාන පිරිනැමේ. එනම්, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම ගීත රචනය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගී තනුව, හොඳම පසුබිම් ගායකයා, හොඳම පසුබිම් ගායිකාව, හොඳම සංස්කරණය, හොඳම ශබ්ද සැලසුම් ශිල්පී, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම අංග රචනා ශිල්පී, හොඳම නැඟී එන නළුවා, හොඳම නැඟී එන නිළිය ආදී ප්‍රධාන අංශ 19කට අමතරව, උත්තම ප්‍රේක්ෂක ප්‍රතිචාර, විශේෂ ජූරියේ කුසලතා සම්මාන, පුරෝගාමී සම්මාන, විශ්ව කීර්ති සම්මාන, ස්වර්ණසිංහ සම්මාන වශයෙනි. එසේම, නර්තන අංග සහ දැනට තිරගත වන චිත්‍රපට ගීත ආදියෙන් එදින උලෙළ රස ගැන්වෙයි. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ, දීපාල් චන්ද්‍රරත්න මහතා ඒ පිළිබඳ අදහස් දක්වන්නේ,
‘ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශීය චිත්‍රපට කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරනවා. සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරඹීමේ පුරුද්ද තරුණ පරපුර වෙතින් ගිලිහී යමින් පවතින මෙකල ආකර්ෂණීය නව සිනමා සංස්කෘතියක් මෙරට ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා අවධාරණය කරනවා. එතුමන්ගේ උපදේශකත්වය යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ මඟ පෙන්වීම යටතේ ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ජනාධිපති සම්මාන උලෙළ සංවිධානය කරනවා…’ වශයෙනි.