පන්සිය පනස් ජාතක පොත ඇසුරෙන් වේදිකා නාට්‍ය නිර්මාණයට පිළියන්දල නාම්පමුණුව සිරි නිකේතාරාම දහම් පාසල වැඩ අරඹා තිබේ. එම විහාරවාසී, උඩුගල්මොටේ තිලකසිරි හිමියන්ගේ මඟ පෙන්වීම අනුව මේ වන විට වන්නුපථ, සේරිවාණිජ, අපණ්ණක ජාතක කතා ඇසුරෙන් එම කෙටි නාට්‍ය නිර්මාණය කර ඇත.
‘අපේ දහම් පාසලේ දූ පුතුන් පිරිසක් මේ සඳහා දායක වෙනවා. ඒත් ඉතා විධිමත්ව රංග වස්ත්‍ර ආදිය නිර්මාණය කර ගැනීමට තවම අපට පුළුවන් වෙලා නැහැ. යක්ෂයන්ගේ ඇඳුම් ගත්තත්, වෙස් මුහුණු, කළු ඇඳුම් එහෙම ඇඳගෙනයි ළමයි රඟපාන්නේ. දැනට මේ සඳහා හොඳ ප්‍රතිචාර තියෙනවා. දහම් පණිවුඩය ඉස්මතු කෙරෙන විදිහට, ජාතක කතාව සැකෙවින් ඉදිරිපත් කිරීමයි කරන්නේ. ඒත් දැනට වඩා හොඳින් මේ කර්තව්‍ය කරන්න අපි කැමැතියි. ඒ සඳහා බරපැන සපුරා ගැනීමත් අවශ්‍යයි. අවට දහම් පාසල්, පොදු කටයුතුවලදී මේ නිර්මාණ ඉදිරිපත් කිරීමටත් අපේ ළමයි කැමැතියි. ඊට ආරාධනාවක් ලැබුණොත් සලකා බලන්න පුළුවනි…’ තිලකසිරි හිමියන්ට ඊට අදාළ ඉල්ලීම්, සිරි නිකේතාරාමය, නාම්පමුණුව, පිළියන්දල ලිපිනයට යොමුකළ හැකියි.
———————————————————————————————————————————
සුබාස්කරන්ගෙන් සිනමාවට එළියක්
ලාංකේය සිනමා කෘති 5ක් නිපදවමින් ලයිකා මොබයිල් ප්‍රධානි, අල්ලි සුබාස්කරන් රුපියල් බිලියන 4ක ආයෝජනයක් කිරීමට ගිවිසුම්ගත වී ඇත. එම චිත්‍රපට අධ්‍යක්ෂවරු වන්නේ ජයන්ත චන්ද්‍රසිරි, රන්ජන් රාමනායක, චන්න පෙරේරා, ප්‍රියන්ත කොළඹගේ සහ අශෝක හඳගම ය. ඉන් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කිරීමට නියමිත ‘යෝකර් කින්ග්’ චිත්‍රපටය ලසිත් මාලිංගගේ චරිත කතාව වටා ගෙතෙන අතර මේ එයට ගිවිසුම්ගත වූ අවස්ථාවයි.
එම්. තාරික්
———————————————————————————————————————————
ලූෂන්ට සුව සේවයෙන් උපහාර!
ප්‍රවීණ ගීත රචක, නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලට ඉකුත්දා උපහාර පිදුමට එක්වූ රත්නපුර මහ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කලාකරුවන් සමඟ.
——————————————————————————————————————————–
අක්ෂේට පුරවැසිකම
බොලිවුඩ් සුපිරි නළු අක්ෂේ කුමාර්ට ඉන්දීය පුරවැසිභාවය ප්‍රදානය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. කැනඩා පුරවැසියෙක් වූ අක්ෂේ කුමාර් හට 15 වැනිදාට යෙදුණු ඉන්දීය නිදහස් දිනයට සමගාමීව මේ වරම ලැබී ඇත.
පසිඳු මිහිරාන් රැටියල
———————————————————————————————————————————
ළමුන්ට ප්ලේ හවුස්
සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් ඉදිරිපත් කරන ළමුන් සඳහා වන නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පාඨමාලාව 2දා උදෑසන 8.30ට බත්තරමුල්ල ජයන්තිපුර සිංහ සමාජ ශාලාවේදී.
අන්තර්ජාතික වශයෙන් විචාරක අවධානය දිනාගත් ප්‍රසන්න වීරක්කොඩි, ලෙස්ටර් රූපසිංහ හා ලලිත් සේනානායක ඉදිරිපත් කරන unseen colours – 2 චිත්‍ර, මූර්ති දැක්ම සැප්තැම්බර් 9 සිට 11 දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී.
චන්දන ජයවීර
——————————————————————————————————————————–
සුද්දෙක් ඔබ අමතයි
උදයසිරි වික්‍රමරත්නගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍ය 9දා සවස 3.30 සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන්හිදී. මාදනී මල්වත්තගේ, නලින් ප්‍රදීප් උඩුවෙල ආදිහු එහි රඟති.
———————————————————————————————————————————
රවී සුසුම් පවන් සලයි
රවී සිරිවර්ධන දශක 2ක ගේය කාව්‍යාවර්ජනා ඇතුළත් ඔබෙ සුසුම් පවන් ප්‍රසංගය 2දා සවස 5.30ට BMICHහිදී.
———————————————————————————————————————————
හැනා විවාහයට අත්සන් කරයි
අමෙරිකානු රූපවාහිනී නිවේදිකාවක් මෙන්ම හොලිවුඩ් නිළි හැනා බ්‍රවුන් පසුගියදා විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ බව ඉන්ස්ටර්ග්‍රෑම් පණිවුඩයක් හරහා ඇය විසින්ම තහවුරු කර තිබෙන අතර හැනා විවාහ ගිවිස ගෙන තිබෙන්නේ හොලිවුඩ් නිරූපණ ශිල්පී ඇඩම් වුලෝර්ඩ් සමඟයි. මොවුන් දෙදෙනා විවාහ ගිවිස ගෙන තිබෙන්නේ වසර දෙකහමාරක පමණ ප්‍රේම සබඳතාවකින් පසුවයි.
පසිඳු රැටියල