518
8 වැනි දෙරණ- ලක්ස් සිනමා උලෙළට සමගාමීව පවත්වනු ලබන cinema of tomorrow චිත්‍රපට උලෙළ 2,3 දෙදිනදී ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී නොමිලයේ නැරඹිය හැකිය.
ඒ අනුව 2දා පෙ.ව 10.30ට අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘මාරියා’ ද 2.30ට ශ්‍යාම් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක් වන ‘සන් කරමි’ ද සවස 6ට ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු’ ද 3දා පෙ.ව 10.30ට ක්‍රිස් ඇන්තනිගේ ‘පාස්පෝට්’ ද ප.ව 2.30ට චන්න දේශප්‍රියගේ
‘දූස්රා’ ද සවස 6ට විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘මනෙල්’ ද තිරගත කෙරේ. එම සිනමා සම්මාන උලෙළ 8දා රාත්‍රි 7.30ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය.