Home » ග්‍රිට් ප්‍රොපර්ටි ගෲප්: ඔස්ට්‍රේලියාවේ හා ඩුබායිහි දේපළ ආයෝජනයට මුලපුරයි

ග්‍රිට් ප්‍රොපර්ටි ගෲප්: ඔස්ට්‍රේලියාවේ හා ඩුබායිහි දේපළ ආයෝජනයට මුලපුරයි

by mahesh
September 1, 2023 1:00 am 0 comment

ග්‍රිට් ප්‍රොපර්ටි ගෲප් සමූහය යනු ගෝලීයව නියෝජනයක් දක්වන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම දේපළ ආයෝජන ව්‍යාපාරයක් වන අතර, දේපළ කර්මාන්තයේ නව ප්‍රමිතීන් සිදු කරමින් සිටී. ලොවපුරා පැතිරී ආයෝජකයන් බලගැන්වීම සඳහා කැපවීමේ සාධකයක් ලෙස, දැනට ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ හා ඩුබායි හි පවත්නා කාර්යාල සමඟ එක්ව, සියලු රටවල පවත්නා පිටියේ විශේෂඥතාවන් පදනම්ව ගෝලීය ආයෝජකයන් සඳහා අඛණ්ඩ ආකාරයට, ඔස්ට්‍රේලියාවේ හා ඩුබායිහි ආයෝජන කටයුතු සිදු කිරීම සඳහා වේදිකාවක් සකස් කොට ඇත.

අවස්ථා රාශියක් මුදා හැරීම සිදුකළ ඔස්ට්‍රේලියානු හා ඩුබායිහි දේපළ ගනුදෙනුවල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 750ක් වන අතර, එමඟින්, ගෝලීය සේවාදායකයන් 1000කට වඩා සහාය වෙමින් සිත්ගන්නාසුලු සේවා වාර්තාවක් තබමින් දේපළ ආයෝජන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීමට ග්‍රිට් ප්‍රොපර්ටි ගෲප් සමූහය සමත්ව සිටී. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ආයෝජකයන් හටද, ග්‍රිට් ප්‍රොපර්ටි ගෲප් සමූහය විසින් ලබා ගෙන ඇති පළපුරුද්දේ හා විශේෂඥතාවයේ දැනුම් සම්භාරය තුළින් ඔස්ට්‍රේලියාවේ හා ඩුබායිහි දේපළ ආයෝජනය ගැටලුවලින් තොර හා ඵලදායි ලෙස ප්‍රතිලාභ ගෙන එනු ඇත.

පූර්ණ ආයෝජන අත්දැකීමක්

ග්‍රිට් ප්‍රොපර්ටි ගෲප් සමූහය විසින්, දේපළ ගනුදෙනුවල සෑම අංගයක්ම ආවරණය වන පරිදි අඛණ්ඩ හා එක පෙළට ආයෝජන ක්‍රියාපටිපාටිය සලසනු ලබයි. විශේෂඥ වෙ‍ෙළඳපොළ විශ්ලේෂණ හා දේපළ තෝරාගැනීම සිට නෛතික ක්‍රියාපිළිවෙළ, මූල්‍ය හා ඉන් එපිට කටයුතු සම්බන්ධව සියලු විස්තර නියමාකාරයෙන් හා සැලකිලිමත්ව සිදුකිරීම සම්බන්ධව ග්‍රිට් ප්‍රොපර්ටි ගෲප් සමූහය වෙත විශ්වාසය තැබිය හැකිය.

ග්‍රිට් ප්‍රොපර්ටි ගෲප් සමූහයේ ප්‍රාරම්භක හා ප්‍රධාන විධායක නිලධාරි නවීන් ද සිල්වා මහතා මෙසේ පවසයි.

‘අපගේ සේවාදායකයන් වෙත, ඔවුන් විසින් මනා දැනුම්වත්භාවයෙන් යුත් ඉහළම විශ්වාසයකින් යුත් තීරණ ගැනීම සහතික කරනු පිණිස පරිපූර්ණ ආයෝජන අත්දැකීමක් ලබා දීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වෙමු. අපගේ ශක්තිය රඳා පවත්නේ, ගනුදෙනු ව්‍යුහයන්වල විනිවිදභාවය හා නිර්මාණශීලිභාවය තුළින් අපගේ ප්‍රවේශයෙහි සරලභාවය, ගනුදෙනු ව්‍යුහයන්, නිරවුල් තීරණ ගැනීම්, දේපළ වෙළඳපොළෙහි ගැඹුරු අවබෝධ ශක්තිය, කාර්යක්ෂමව සේවාදායකයන් වෙත විසඳුම් ලබා දීම හා අපගේ සේවාදායකයන් සමඟ සත්‍ය හවුල්කාරීත්වය සංවර්ධනය කිරීමේ අපගේ කැපවීම මතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT