දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තු අපේක්ෂා සහිතව ආණ්ඩු හැදූ බවත්, එහෙත් ඒ ආණ්ඩු ජනතාවට දී ඇත්තේ බංකොලොත් රටක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා බොරැල්ල ප්‍රදේශයේ පැවැති ජන රැලියකට සහභාගි වෙමිනි.
තව දුරටත් මේ රට දැනට පවතින ආකාරයට යෑමට අවශ්‍ය නැතැයි කියන කණ්ඩායම ජාතික ජන බලවේගය සමඟ එක් වන බවද අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මේ රටත්, ජනතාවත් වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමට ජාතික ජන බලවේගය සූදානම් යයිද තවදුරටත් සඳහන් කළ දිසානායක මහතා මෙරට පාලනය කළ පාලකයින් පොදු ජනතාව පිළිබඳව නොසිතමින් කටයුතු කළ බවද කීය. ඔවුන්ට එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, සීතලට සිටීමට නුවරඑළියේ ගෙවල් ඇති බවද සඳහන් කළේය. පොදු ජනතාගේ ආණ්ඩුවක් හදාගැනීම සඳහා ජාතික ජන බලවේගය ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවද එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.