764
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 361කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417කි.
ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341කි. ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දමා ඇත. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 231කි.