බදුල්ල බෞද්ධ සංගමය මගින් අළුගොල්ල කඳු මුදුනේ ඉදි කරනු ලබන දෙසැත්තෑරියන් සමාධි බුදු පිළිම වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ (30) නිකිණි පුන් පොහෝ දා සිදු කෙරිණ.
රිදියෙන් නිම කරන ලද මෙම ඌර්ණ රෝම ධාතුව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තැන්පත් කිරීම පෙරවරු 09.04ට යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සාජ්ජායනා මධ්‍යයේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන ප්‍රවීණ මූර්ති ශිල්පී දේශබන්දු එම්.එම්. ගුණපාල මඩවල මහතාගේ සුරතින් සිදු විය. පසුගිය (27) ඓතිහාසික බදුල්ල මුතියංගණය රාජමහා විහාරස්ථානයේ සිට අලුගොල්ල කඳු මුදුනට වැඩමවා එදින සිට මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා මෙම ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත් කර තිබිණි.
බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන