Home » මහනුවරට අලුත් දුම්රිය නැවතුමක්

මහනුවරට අලුත් දුම්රිය නැවතුමක්

by yasara
August 31, 2023 9:23 am 0 comment

kandy city

මහනුවර නගර දුම්රිය නැවතුම් පොළ හා මහනුවර අධික්ෂණ කළමනාකාර කාර්යාල සංකීර්ණ විවෘත කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් පසුගියදා සිදු විය.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ සෘජු ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 5ක් වැයකර මහනුවර නගර දුම්රිය පොල ඉදිකර තිබෙයි.

දැනට පවතින මහනුවර ප්‍රධාන දුම්රිය පොල නගරයේ එක් කොනක පිහිටා ඇති නිසා නව දුම්රිය පොල ඉදිකිරීම නිසා මහනුවර සිට මාතලේ දෙසට හා මාතලේ දෙස සිට මහනුවරට පැමිණෙන මගීන්ට විශාල සහනයක් බව වාර්තා වෙයි.

මහනුවර නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස සියලු ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ගුඩ් ශෙඩ් ඉදිරිපිට ඉදි කිරීමේ සැලැස්ම වසර හතක් තිස්සේ සාකච්ඡාවට පමණක් සීමා වී ඇති බවත් එහි ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ මෙම වර්ෂය අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT