Home » මේ වසරේදී බිලියන 3101ක බදු ආදායම් ඉලක්කයකට යා යුතුයි

මේ වසරේදී බිලියන 3101ක බදු ආදායම් ඉලක්කයකට යා යුතුයි

රාජ්‍ය ආදායම් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්

by gayan
August 31, 2023 1:00 am 0 comment

මේ වස‍ර ඇතුළත රුපියල් බිලියන 3101ක රාජ්‍ය බදු ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුව ඇතැයි රාජ්‍ය ආදායම් පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවැසීය.

මේ ආදායම් ඉලක්කයෙන් මේ වන විට අය කරගත හැකිව තිබෙනුයේ රුපියල් බිලියන 1711ක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

ඉලක්ක කළ පරිදි දැනට ආදායමෙන් සියයට 47ක් සපුරාගෙන තිබේ. ඉතිරි සියයට 53 ජය ගැනීම ආදායම් එක්රැස් කරන රාජ්‍ය ආයතන තුනේ වගකීම වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් මේ වසරේ රුපියල් බිලියන 1667ක ආදායමක් එක්රැස් කළ යුතු වේ. ඉන් දැනට එක් කර තිබෙනුයේ රුපියල් බිලියන 797කි.

ඉදිරි මාස 4 තුළ ඔවුන් විසින් රුපියල් බිලියන 870ක මුදලක් එක්රැස් කළ යුතුය. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් පෙර වසරවලට වඩා වැඩි ආදායමක් මේ වසරේ එක්රැස් කිරීමට ඉලක්ක කොට ඇත.

ඒ අනුව වසර අවසන් වන විට රුපියල් බිලියන 1390ක මුදලක් එක්රැස් කිරීමේ අභියෝගය ජය ගැනීමට දේශීය ආදායම්, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තු සමත් විය යුතුව තිබේ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT