Friday, April 18, 2025
Home » බස් කෝච්චිවල ෆෝන්-ලැප් හොරෙක් දැලේ

බස් කෝච්චිවල ෆෝන්-ලැප් හොරෙක් දැලේ

by gayan
August 31, 2023 1:00 am 0 comment

බස් රථ සහ දුම්රිය මගීන්ගේ ගමන් මලු සහ ජංගම දුරකථන සොරා ගන්නා පුද්ගලයකු ලැප්ටොප් සහ ජංගම දුරකථන 37ක් සමඟ පෙරේදා (29) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.

රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය. දුම්රිය සහ බස් රථවල රාක්ක මත ගමන් මලු සහ ලැප්ටොප් සහිත බෑග් තබා නිදාගන්නා මගීන් සහ වෙළෙඳසල්වල තබන ගමන් මලු ඉලක්ක කර ගනිමින් සැකකරු සොරකම් සිදු කර ඇති බව වැටලීමට එක්වූ නිලධාරීහු කීහ. සැකකරු විසින් සොරකම් කරන ලද ජංගම දුරකථන 32ක් සහ ලැප්ටොප් යන්ත්‍ර 5ක් සොයාගත් බවත්, ඔහු අත්අඩංගුවට ගන්නා මොහොතේ කුඩා ප්‍රමාණයේ හෙරෝයින් මත්කුඩු පැකට් කිහිපයක්ද තිබූ බවත් පොලිසිය කීය.

ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පොලිස් වසම් කිහිපයක තාවකාලිකව නවාතැන් ගෙන කලක පටන් ජාවාරම කරගෙන ගොස් ඇති බවත්, පොලිස් ස්ථාන කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරුවකු බවත් සඳහන් වේ. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අධ්‍යක්ෂක (වැ.බ) සහකාර පොලිස් අධිකාරී යූ.ඩී.එල්. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ මෙහෙයවීමෙන්

උප පොලිස් පරීක්ෂකවරුන් වන උපුල් හර්ෂ සහ කේ. එම්.ඩී. මධුෂාන්, සැරයන්වරුන්වන ගුනේන්ද්‍ර (55301), ප්‍රසන්න (69479), ජයසුරිය (69615) කොස්තාපල්වරුන් වන තුෂාර (79335), අංජුල (98857) වැටලීමට එක්වූහ.

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT