Home » පසුගිය කාලයේ පිළිකා රෝගීන්ගේ වර්ධනයක්

පසුගිය කාලයේ පිළිකා රෝගීන්ගේ වර්ධනයක්

by chanaka
August 31, 2023 11:24 am 0 comment

පසුගිය කාල සීමාවේ පිළිකා රෝගීන්ගේ වර්ධනයක් නිරීක්ෂණය වන බව මහරගම ජාතික පිළිකායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කරයි.

දිනකට නව පිළිකා රෝගීන් 36 දෙනෙක් පමණ ජාතික පිළිකායතනයට පමණක් වාර්තා වන බව ඔහු පැවසීය.

ඒ අනුව, එම ආයතනයට පමණක් මසකට වාර්තා වන නව පිළිකා රෝගීන් සංඛ්‍යාව 1,000 ඉක්මවයි.

එසේම මේ වන වන ජාතික පිළිකායතනයේ රෝගීන් 1,000 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, සායනවලින් දෛනිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සංඛ්‍යාව 2,000 ක් පමණ වන බව ද වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කළේය.

මෙම රෝගීන් සංඛ්‍යාවට අමතරව දිවයිනපුරා රෝහල්වල පවතින පිළිකා ඒකකවලට නව රෝගීන් වාර්තාවීම සහ ප්‍රතිකාර ගැනීම ද සිදුවේ.

වැරදි ආහාර පුරුදු, පාරිසරික බලපෑම්, බුලත්විට සැපීම, දුම්පානය, මධ්‍යසාර පානය ඇතුළු සාධක කිහිපයක් පිළිකා ඇතිවීමට හේතුවන බව ද වෛද්‍ය අරුණ ජයසේකර මහතා පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT