Home » දෙවුන්දර තුඩුවෙන් පේදුරුතුඩුවට ඇවිද වාර්තාවක් තියන්න යන ක්‍රීඩකයා

දෙවුන්දර තුඩුවෙන් පේදුරුතුඩුවට ඇවිද වාර්තාවක් තියන්න යන ක්‍රීඩකයා

by yasara
August 29, 2023 12:49 pm 0 comment

ඇවිදීමේ ක්‍රීඩක 57 හැවිරිදි එස්.පි.වික්‍රමසිංහ පොල් රුප්පාවෙන් ,තල් අරඹට  කිලෝමීටර් 600 ක දුරක් දින 12 කින් අවසන් කිරීමේ ගීනස් වාර්තාවක් තැබීමේ අරමුණින් දෙවුන්දර තුඩුවෙන්,පේදුරු තුඩුවට යන පා ගමන අද (29) උදෑසන දෙවුන්දර තුඩුවෙන් ආරම්භ කෙරිණි.

මාතර දෙවුන්දර තුඩුවෙන් අද (29) ගමන් ආරම්භ කරමින් එතැන් සිට ,ගල්ල,හික්කඩුව,අම්බලන්ගොඩ ,අලුත්ගම,පානදුර,කොළඹ,ගම්පහ,නිට්ටඹුව, පොල්ගහවෙල, කුරුණෑගල,දඹුල්ල, කැකිරා,අනුරාධපුරය, මැදවච්චිය ,වව්නියාව කිලිනොච්චිය,පරන්තන්, එලිපන්ට්පාට්ස්, චාවකච්චේරිය,යාපනය පලාලි,සහ පොයින්ට් පේදුරු තුඩුව දක්වා ගමන්කර සැප්තැම්බර් මස 9 වන දින අවසන් කීරීමට නියමිතයි .

රඹුක්කන ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා සමාජයේ ආරම්භක සාමාජිකයෙක් වන ඔහු,ඇවිදීමේ ක්‍රීඩාවට දක්ෂයෙකි.

2011 වර්ෂයේ රඹුක්කන අශෝක ක්‍රීඩාංගනයෙ මීටර් 200 ධාවන පථයේ කිලෝමීටර් 100 ක් පැය 11 යි මිනිත්තු 38 කදී එක දිගට ඇවිදමින් වාර්තාවක් තැබිමට ද සමත් වී තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT