Sunday, April 20, 2025
Home » ගුවන් මගියෙකුගේ ගමන් බෑගය සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට

ගුවන් මගියෙකුගේ ගමන් බෑගය සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට

by yasara
August 29, 2023 12:10 pm 0 comment

කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ගුවන් මගියෙකුගේ රුපියල් පන් ලක්ෂ අසූ එක්දහසක් පමණ වටිනා  ගමන් මල්ල සොරා ගත් ගෘහ සේවිකාවක් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඊයේ (28) සවස  අධිකරණයට ඉදිරිපත් කර තිබේ .

කටාර් රාජ්‍යයේ සේවය නිම කර ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි මොරටුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු ද මෙම ගුවන් යානයෙන් පැමිණ තිබූ අතර  , ඔහුගේ  රුපියල් පන් ලක්ෂ අසූ එක් දහසක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග තවත් වටිනා දෑ අඩංගු සිය ගමන් මල්ල ලබා ගැනීම සදහා පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු නිශ්කාශන ස්ථානයට පැමිණ තිබේ .

එහෙත් ඒ වනවිට එම ගුවන් යානයේම පැමිණි සේරුවාවිල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ගෘහ සේවිකාවක් , එම ගමන් මල්ල රැගෙන පලා ගොස් තිබුණි .

මෙසේ තම ගමන් මල්ල නැති වූ ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත ගොස් පැමිණිලි කර තිබෙන අතර , පොලිසිය ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර , මෙම ගමන් මල්ල සොරා ගත් කාන්තාව හදුනා ගෙන තිබේ .

එහිදී ඇය විසින් සොරා ගත් ගමන් මල්ල ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ .

එහෙත් එහි තිබූ ස්වර්ණාභරණ තොගය එහි නොතිබුණු අතර , ඒ පිළිබඳව සිදු කෙරුණු දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව එම ස්වර්ණාභරණ උගස් කර ලබා ගත් රිසිට් පත් ඇය විසින් පොලිසියට භාර දී තිබේ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT