Sunday, April 20, 2025
Home » රටකජු මුවාවෙන් සිදු කළ ගංජා වගාවක් පොලිසියට හසුවෙයි

රටකජු මුවාවෙන් සිදු කළ ගංජා වගාවක් පොලිසියට හසුවෙයි

by yasara
August 29, 2023 11:17 am 0 comment

රටකජු වගා කරන මුවාවෙන් කොස්ලන්ද අලුත්වෙල රක්ෂිතයේ හොර රහසේ වගා කර තිබූ ගංජා වගාවක් ඊයේ (28) වටලා ගංජා පැල 1192ක් ගිනිතබා විනාශ කර නඩු භාණ්ඩ වශයෙන් ගංජා පැල 10ක් අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි .

මෙම වැටලීම සිදුකරන විටත් සැකකරුවන් ගංජා වගාව අතහැර දමා පලාගොස් සිටි බවද පොලිසිය සඳහන් කරයි.

කොස්ලන්ද පොලිසියේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත අලුත්වෙල රක්ෂිතයේ සැතපුම් 6ක් පමණ දුර පාගමනින් ගොස් මෙම වැටලීම සිදුකර ඇති අතර , ගංජා වගාවේ ගංජා පැල අඩි 1 1/2ක් පමණ උසට වැවී තිබිණැයි පොලිසිය සදහන් කළේය .

කොස්ලන්ද පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT