Monday, April 21, 2025
Home » දැඩි නියඟයෙන් කිරි ගොවීන් දැඩි අපහසුතාවයක

දැඩි නියඟයෙන් කිරි ගොවීන් දැඩි අපහසුතාවයක

by yasara
August 29, 2023 11:04 am 0 comment

cow newsss

මේ වනවිට පවතින දැඩි නියගය හේතුවෙන් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන  රැසක වැව් සහ ළිං සිදීයාමෙන් වන සතුන් සහ ගවයන් මෙන්ම ජනතාව දිය පිපාසය සංසිදුවා ගැනීමට ජලය නොමැතිවීමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ප්‍රදේශවාසීන් පවසයි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ගව පාලනයෙහි නිරත  කිරි ගොවීන් මේ වනවිට තම කිරි ගවයින්ට ආහාර සහ ජලය අවශ්‍ය තාවයන් සපුරා ගැනීමේදී  දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

මේ වන විට මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මානින්ගමුව, කුඩාහල්මිල්ලෑව,ඇහැටුවැව,ලෝලුගස්වැව,පානෙක්වැව හා මහ හල්මිල්ලවැව යන ගම්මනවල ගව පාලනයෙහි නිරත ගොවි පවුල්  සියයකට වැඩි සංඛ්‍යාවක්  මෙලෙස පීඩාවට පත්ව සිටිති.

එම ගම් වැසියන්ගේ ප්‍රධානතම ජීවනෝපාය වනුයේ කිරි ගවයින්ගෙන්  කිරි නිෂ්පාදනය කොට අලෙවි කිරීමවේ.

එහෙත් මේ වනවිට එම ගවයින්ට අවශ්‍ය ජලය සහ ආහාර නොමැතිවීම හේතුවෙන් කිරි ගවයින්ගේ කිරි නිෂ්පාදනය විශාල ලෙස අඩුවී තිබෙන බවත්,නිසි පෝෂණය නොමැති වීම හේතුවෙන් ගව පැටවුන් මේ වනවිට මියයමින් සිටින බවත් ගොවීන් පවසති.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT